NSW මෙන් වික්ටෝරියා තුළද කොවිඩ් ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක අනතුරු ඇගවීමක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළද කොවිඩ් ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා කල හැකි බව ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton අනතුරු අගවනවා.

පරීක්ෂණවලට යොමුවීම ප්‍රමාද කිරීම සහ නීති කඩකිරීම ඉහළ යාම ඊට හේතුව ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ දැනට පවතින කොවිඩ් රැල්ල ඉහළම අගයට ගොස් ඇති බව ප්‍රකාශ කිරීමට කල් වැඩි බවද Brett Sutton සඳහන් කලා.

කෙසේවෙතත් පවතින තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බවයි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා අවධාරණය කලේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 190 ක් හමුව ඇත.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,301 කි.

ඊයේ දිනයේදී (3) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,548 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 35,464 ක් ලබා දී තිබේ.

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »

සුපිරි වෙළඳසැල් සේවකයන් පාරිභෝගිකයන්ගෙන් ආරක්ෂා කර ගන්න අලුත් වැඩක්

නවසීලන්තයේ Woolworths සුපිරි වෙළදසැල්හි කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් සිදුවන හිංසන ඇතුලු ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳුමේ කැමරා පැළඳීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඉලොන් මස්ක්ගේ සාමාන්‍ය දැනීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමේ දර්ශන ඇතුලත් වීඩියෝ ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීස් ඉලොන් මස්ක්ට චෝදනා එල්ල කර තිබෙනවා.

Read More »

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »