Day: August 31, 2021

කෝටි 200 ක මුදල් වංචාවක් ගැන ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කරයි

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් තාරකාවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඇය ව මෙම ප්‍රශ්න කිරීමට ලක් ව ඇත්තේ අදාළ මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකරුවෙකු ලෙස බවයි, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විමර්ශන ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ. ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සිදුකරන අතර, එයට සුකේෂ් චන්ද්‍රශේකර් විසින්

Read More »

එක් එක් ප්‍රාන්ත එන්නත් ඉලක්කයට ළගාවන කාල වකවානු පිළිබඳ පුරෝකථනයක්

ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්ත සියයට 70-80 එන්නත් ඉලක්කයට ළගාවන කාල වකවානු පිළිබඳ පුරෝකථනයක් සිදුකර තිබේ. ඊට අනුව මුලින්ම එම ඉලක්කයට ළගා වන්නේ තස්මේනියා ප්‍රාන්තයයි. ඔක්තෝබර් 13 වනවිට එහි සියයට 70 ක්ද ඔක්තෝබර් 29 වනදා වනවිට සියයට 80 ක්ද ලෙස එම ඉලක්කය සම්පූර්ණ වනු ඇති බව සඳහන්. වික්ටෝරියා ප්‍රාන්තය නොවැම්බර් 03 වනදා වනවිට සියයට 70 ක් ලෙසත් නොවැම්බර් 21 වනදා වනවිට සියයට 80 ක ඉලක්කය සපුරාලනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. මීට අනුව අවසාන වශයෙන් එන්නත්කරණ ඉලක්කයට

Read More »
MELBOURNE

වික්ටෝරියා කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව 1,000 ඉක්මවයි

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව මේ වන විට 1,000 ඉක්මවා තිබේ. St Kilda – Laverton North – Port Melbourne – Broadmeadows ඇතුලු ප්‍රදේශ රැසක අවධානම් ස්ථාන ගණනාවක් අද ලැයිස්තුවට ඇතුළත් කෙරිණ. https://www.coronavirus.vic.gov.au/exposure-sites ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 76 ක් හමුවී තිබේ. ඔවුන්ගෙන් 31 කට වඩා වැඩි පිරිසක් දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ නොවන බවද වාර්තා වේ. මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොවිඩ් නීති ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත

Read More »

ACT හි Lockdown තත්ත්වය සැප්තැම්බර් 17 තෙක්

බ්‍රහස්පතින්දා (02) පස්වරු 5 සිට නව කොවිඩ් නීති සමග ACT හි දැනට පනවා ඇති lockdown තත්ත්වය සැප්තැම්බර් 17 තෙක් දීර්ග කර ඇත. ඊයේ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වී ඇත. ඔවුන්ගෙන් අවම වශයෙන් 08 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්. මේ අතර කැන්බරා නුවර මහා පරිමාණයේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක් සැප්තැම්බර් 3 වනදා සිකුරාදා Australian Institute of Sport Arena හි දී විවෘත කෙරේ. බ්‍රහස්පතින්දා සිට ACT හි නව කොවිඩ් නීති :

Read More »

වික්ටෝරියා Lockdown සීමා නව රෙගුලාසි හෙට

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown සීමා සම්බන්ධ නව රෙගුලාසි කිහිපයක් හෙට එනම් බදාදා දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසීය. ඒ අනුව Lockdown තත්වය තිබියදී විවිධ සේවා පවත්වාගෙන යා හැකි ආකාරය එහිදී දැනුම්දෙන බවයි ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියේ. පවතින තත්වය අනුව ආසාධිතයන් “0” වන තුරු බලා සිටිය නොහැකි බවත් වසංගත තත්වයත් සමග අනෙකුත් කටයුතුත් පවත්වාගෙන යාමට සිදුවී ඇති බවත් ඩැනියල් ඇන්ඩෲස් පැවසීය. කෙසේවෙතත් කුමන තත්වයක් යටතේ හෝ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් නුදුරේදී විවෘත නොකෙරෙන

Read More »