ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්ත සියයට 70-80 එන්නත් ඉලක්කයට ළගාවන කාල වකවානු පිළිබඳ පුරෝකථනයක් සිදුකර තිබේ.
ඊට අනුව මුලින්ම එම ඉලක්කයට ළගා වන්නේ තස්මේනියා ප්‍රාන්තයයි.
ඔක්තෝබර් 13 වනවිට එහි සියයට 70 ක්ද ඔක්තෝබර් 29 වනදා වනවිට සියයට 80 ක්ද ලෙස එම ඉලක්කය සම්පූර්ණ වනු ඇති බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තය නොවැම්බර් 03 වනදා වනවිට සියයට 70 ක් ලෙසත් නොවැම්බර් 21 වනදා වනවිට සියයට 80 ක ඉලක්කය සපුරාලනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
මීට අනුව අවසාන වශයෙන් එන්නත්කරණ ඉලක්කයට ළගාවන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයයි.
Source : 09 News – https://covidlive.com.au/