කෝටි 200 ක මුදල් වංචාවක් ගැන ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කරයි

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් තාරකාවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ඇය ව මෙම ප්‍රශ්න කිරීමට ලක් ව ඇත්තේ අදාළ මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකරුවෙකු ලෙස බවයි, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විමර්ශන ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ.

ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සිදුකරන අතර, එයට සුකේෂ් චන්ද්‍රශේකර් විසින් ක්‍රියාත්මක කරන ලද යැ යි කියන කෝටි ගණනක කප්පම් ජාවාරමක් ද අයත්.

අදාළ විමර්ශන නිලධාරීන් ජැක්ලින් ෆර්නැන්ඩස්ගෙන් පැය පහක පමණ කාලයක් ‍ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

36 හැවිරිදි චන්ද්‍රශේකර්ගේ බිරිඳ ලීනා පෝල් හරහා හඳුනාගත් බවත් ඔහු තමන්ට ද යම්කිසි මුදලක් වංචා කර ඇති බවත් අදාළ ප්‍රශ්න කිරීම්වල දී ජැක්ලින් ෆර්නැන්ඩස් හෙළි කල බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ.

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »