වික්ටෝරියා Lockdown සීමා නව රෙගුලාසි හෙට

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown සීමා සම්බන්ධ නව රෙගුලාසි කිහිපයක් හෙට එනම් බදාදා දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසීය.

ඒ අනුව Lockdown තත්වය තිබියදී විවිධ සේවා පවත්වාගෙන යා හැකි ආකාරය එහිදී දැනුම්දෙන බවයි ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියේ.

පවතින තත්වය අනුව ආසාධිතයන් “0” වන තුරු බලා සිටිය නොහැකි බවත් වසංගත තත්වයත් සමග අනෙකුත් කටයුතුත් පවත්වාගෙන යාමට සිදුවී ඇති බවත් ඩැනියල් ඇන්ඩෲස් පැවසීය.

කෙසේවෙතත් කුමන තත්වයක් යටතේ හෝ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් නුදුරේදී විවෘත නොකෙරෙන බවද ඔහු සඳහන් කලා.

මීට අදාළව වික්ටෝරියා සෞඛ්‍ය අංශ සමග තමන් අද දිනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියේය.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »