Day: August 31, 2021

ලබන සතියේදී සිංගප්පූරුවෙන් ඔස්ටේ්‍රලියාවට ෆයිසර් මාත්‍රා ලක්ෂ 05 ක්

සිංගප්පූරුව සමග ෆයිසර් එන්නත් මාත්‍රා හුවමාරු ගිවිසුම යටතේ ලක්ෂ 05 ක මාත්‍රා තොගයක් ලබාගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වී තිබෙනවා. එම එන්නත් මාත්‍රා ලබන සතියේදී ලැබීමට නියමිත බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ. මේ අනුව වයස අවුරුදු 12 ට වැඩි සෑම අයෙකුටම ලබන සතියේ එන්නත් ලබාදීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කලා. මෙම ගිවිසුමට අනුව ලබන දෙසැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාව විසින් සිංගප්පූරුවට ෆයිසර් මාත්‍රා ලක්ෂ 05 ක් පිරිනැමිය යුතු වනවා. මෙම මාසය මුලදී ඔස්ටේ්‍රලියාවට පෝලන්තයෙන් ද ෆයිසර් මාත්‍රා තොගයක්

Read More »

නිවු සවුත් වේල්ස් ඊයේ ආසාධිතයන් 1168 ක් / මරණ 03 ක්

අඛණ්ඩව 04 වන දිනයටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් ගණන 1000 ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාධිතයන් ගණන 1168 කි. දැනට 871 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 143 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 152 කි. ඊයේ දිනයේදී මරණ 03 ක් වාර්තා විය. https://twitter.com/NSWHealth/status/1432509586817241094?s=20

Read More »

වික්ටෝරියා ප්‍රජාව අතරින් ඊයේ ආසාදිතයින් 76 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 76 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 841 කි. ඊයේ දිනයේදී (30) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 50,848 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 32,162 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1432470052284993537?s=20

Read More »

දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට යුද හමුදාවෙන් උසස්වීමක් ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව යුද හමුදාපතිවරයා විසින් එම උසස්වීම පිරිනමා ඇත. ඒ අනුව දිනේෂ් ප්‍රියන්තව සාජන් නිලයේ සිට බලලත් නිලධාරී 01 දක්වා උසස් කර තිබේ. දිනේෂ් මෙරට ක්‍රීඩා ඉතිහාසය ද අලුත් කළේ පැරාලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත්වෙමිනි. 2004 වර්ෂයේ මාර්තු 18

Read More »

Aged care රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ටත් සතියකට පැය 20 සීමාව ඉවතට

Aged care ක්ෂේත්‍රයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට පැය 40 සීමාව ඉක්මවා රැකියා කිරීමට දී ඇති අවසරය යළි දැනුම්දෙන තෙක් දීර්ග කර තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති ශ්‍රම හිඟය නිසා ක්ෂේත්‍ර කිහිපයක ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 20 සීමාව ඉක්මවා රැකියා කිරීමට මධ්‍යම රජය අවසර දුන්නේය. පහත ක්ෂේත්‍රවල රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ට ද දෙසතියකට පැය 40 සීමාව ඉක්මවා රැකියා කළ හැකියි. National Disability Insurance Scheme (NDIS) සැපයුම්කරුවෙකු යටතේ සේවය කරන ජාත්‍යන්තර සිසුන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ

Read More »