ලබන සතියේදී සිංගප්පූරුවෙන් ඔස්ටේ්‍රලියාවට ෆයිසර් මාත්‍රා ලක්ෂ 05 ක්

සිංගප්පූරුව සමග ෆයිසර් එන්නත් මාත්‍රා හුවමාරු ගිවිසුම යටතේ ලක්ෂ 05 ක මාත්‍රා තොගයක් ලබාගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වී තිබෙනවා.

එම එන්නත් මාත්‍රා ලබන සතියේදී ලැබීමට නියමිත බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ.

මේ අනුව වයස අවුරුදු 12 ට වැඩි සෑම අයෙකුටම ලබන සතියේ එන්නත් ලබාදීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කලා.

මෙම ගිවිසුමට අනුව ලබන දෙසැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාව විසින් සිංගප්පූරුවට ෆයිසර් මාත්‍රා ලක්ෂ 05 ක් පිරිනැමිය යුතු වනවා.

මෙම මාසය මුලදී ඔස්ටේ්‍රලියාවට පෝලන්තයෙන් ද ෆයිසර් මාත්‍රා තොගයක් හිමිවුණා.

අගමැති මොරිසන් පැවසුවේ ලබන මාසයේදී තවත් ෆයිසර් හා මොඩර්නා මාත්‍රා ලක්ෂ 55 ක් ලැබීමට නියමිත බවයි.

 

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »