දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට යුද හමුදාවෙන් උසස්වීමක් ලබාදී තිබේ.

ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව යුද හමුදාපතිවරයා විසින් එම උසස්වීම පිරිනමා ඇත.

ඒ අනුව දිනේෂ් ප්‍රියන්තව සාජන් නිලයේ සිට බලලත් නිලධාරී 01 දක්වා උසස් කර තිබේ.

දිනේෂ් මෙරට ක්‍රීඩා ඉතිහාසය ද අලුත් කළේ පැරාලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත්වෙමිනි.

2004 වර්ෂයේ මාර්තු 18 වන දින සාමාන්‍ය සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට එක් වූ  සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් 2008 දෙසැම්බර් මස 16වන දින කිලිනොච්චි ප්‍රදේශයේ දී රුදුරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරයකට ලක්වී ආබාධයකට ලක්විය.

ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක්වීමෙන් අනතුරුව ඔහු යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »