Day: August 23, 2021

Update: Blackburn North නිවසකින් පැහැරගත් දරුවන් දෙදෙනා හමුවෙයි

Blackburn North හි නිවසකට ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයෙකු විසින් පැහැරගනු ලැබූ කුඩා දරුවන් දෙදෙනා ආරක්ෂිතව සොයාගෙන තිබේ. Mitcham ප්‍රදේශයේ නිවසක සිටියදී ඔවුන් දෙදෙනා සොයාගත් බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ. මෙලෙස හමුවී ඇත්තේ Adilla Wally (අවුරුදු 05) & Bilal Wally (අවුරුදු 03) නම් දරුවන් දෙදෙනායි. සිද්ධිය සම්බන්ධයෙන් පිරිමි 03 දෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී. ළමුන් දෙදෙනා සොයාගෙන ඇත්තේ ඔවුන් නිවසේ තිබියදී පැහැරගනු ලැබූ Mercedes Benz මෝටර් රථයේ සිටියදීය. මේ වනවිට ඔවුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ

Read More »

Coles / McDonald’s / Chemist Warehouse ඇතුලු ස්ථාන රැසක් මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට

Coles / McDonald’s / Chemist Warehouse / The Foodhouse ඇතුලු ස්ථාන රැසක් මෙල්බර්න් නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. එමෙන්ම St Alban’s හි Emmanuel Medical Centre ද Tier 01 ඝනයේ අවධානම් ස්ථානයක් ලෙස අද ප්‍රකාශයට පත් කෙරිණ. මේ වනවිට මෙල්බර්න් කොවිඩ් අවධානම් ස්ථාන සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබේ. මෙල්බර්න් නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව : https://www.coronavirus.vic.gov.au/exposure-sites

Read More »

PHOTOS: Blackburn North නිවසකින් පැහැරගත් දරුවන් දෙදෙනාගේ ඡායාරූප මෙන්න

Blackburn North හි නිවසකින් පැහැරගනු ලැබූ දරුවන් දෙදෙනාගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. අතුරුදන්ව සිටින ළමුන් දෙදෙනාගෙන් ගැහැණු ළමයාට (Adilla Wally) වයස අවුරුදු 05 ක් වන අතර පිරිමි ළමයාට (Bilal Wally) අවුරුදු 03 කි. Springfield පාරේ පිහිටි නිවසට අද පෙරවරු 08 – 08.30 අතර ඇතුලු වූ පුද්ගලයෙකු මෙම පැහැරගැනීම සිදුකර ඇතැයි වික්ටෝරියා පොලිසිය කියයි. සැකකරු දරුවන් දෙදෙනාගේ මවට (32) පහරදී මෙම පැහැරගැනීම සිදුකර තිබේ. කලු පැහැති වර්ගයේ Mercedes Benz මෝටර් රථයක් ද පැහැරගෙන ගොස් ඇත.

Read More »

දඬුවම ලිහිල් කරන්නැයි ධනුෂ්ක සහ කුසල් ඉල්ලති

එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාට වැරදිකරුවන් වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගෙන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් යොමුකර ඇත. කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල අභියාචනයක් යොමු කර නොමැති බවත් ධනුෂ්ක සහ කුසල් ඉදිරිපත් කළ අභියාචනය ඉදිරි විධායක කමිටුවට ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කීය. මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසර තරග තහනමක් සහ රුපියල් කෝටිය බැගින් වන දඩයක් ඇතුළත් දඩුවමක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව

Read More »

Blackburn North නිවසකින් Mercedes Benz රථයක් පැහැරගනී / දරුවන් දෙදෙනෙකුද අතුරුදන්

Blackburn North හි නිවසකින් කලු පැහැති වර්ගයේ Mercedes Benz මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇති අතර නිවසේ සිටි දරුවන් දෙදෙනෙකුද අතුරුදන්වී ඇත. Springfield පාරේ පිහිටි නිවසට අද පෙරවරුවේ ඇතුලු වූ පුද්ගලයෙකු මෙම පැහැරගැනීම සිදුකර ඇතැයි වික්ටෝරියා පොලිසිය කියයි. වාහනයේ ලියාපදිංචි අංකය BEQ 882 වන අතර එය Springfield මාර්ගය ඔස්සේ නැගෙනහිර දෙසට පදවාගෙන යන ආකාරයක් සී සී ටී වී දර්ශනවල අඩංගුය. අතුරුදන්ව සිටින ළමුන් දෙදෙනාගෙන් ගැහැණු ළමයාට වයස අවුරුදු 05 ක් වන අතර පිරිමි ළමයාට අවුරුදු 03 කි.

Read More »