දඬුවම ලිහිල් කරන්නැයි ධනුෂ්ක සහ කුසල් ඉල්ලති

එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාට වැරදිකරුවන් වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගෙන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් යොමුකර ඇත.

කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල අභියාචනයක් යොමු කර නොමැති බවත් ධනුෂ්ක සහ කුසල් ඉදිරිපත් කළ අභියාචනය ඉදිරි විධායක කමිටුවට ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කීය.

මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසර තරග තහනමක් සහ රුපියල් කෝටිය බැගින් වන දඩයක් ඇතුළත් දඩුවමක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පැනවීය.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »