Day: August 23, 2021

වික්ටෝරියා කොවිඩ් රෝගීන් අතර බිළිඳෙකුත්

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතව රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් අතර බිළිඳෙකුද වන බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ අද තහවුරු කලේය. එමෙන්ම වයස අවුරුදු 10 ට අඩු ළමුන් 112 ක් හා 10 ත් 19 ත් අතර ළමුන් 100 දෙනෙකුද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි ප්‍රාන්ත කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar සඳහන් කලේ. ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් සමග 20-30-40 වැනි අඩු වයස් කාණ්ඩවල පුද්ගලයන්ට වෛරසය ඉතා සීඝ්‍රයෙන් වැළඳෙන බවටයි තහවුරු කරගෙන ඇත්තේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා

Read More »

එන්නත් 02 ම ගත් ගුවන් මගීන්ට ක්වන්ටාස් වෙතින් නොමිළයේ ගුවන් ගමන්

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ඔස්ටේ්‍රලියානුවන් වෙනුවෙන් නොමිළයේ ගුවන් ගමන් ලබාදීමේ වැඩපිළිවෙලක් ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් විසින් ආරම්භ කර තිබේ. වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකු ඊට සුදුසුකම් ලබයි. නොමිළයේ ගුවන් ගමන්වලට අමතරව ඉඳුම් හිටුම් සහ නවාතැන් පහසුකම්ද මීට අන්තර්ගතයි. Frequent Flyer ඝනයට අයත් ගුවන් මගීන් මෙම දිනුම් ඇදීම සඳහා ඇතුළත් කෙරෙන අතර ක්වන්ටාස් සමාගම නිවේදනය කලේ ඔස්ටේ‍රලියාව තුළ සියයට 70 ත් 80 ත් අතර පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ රජයේ සැළසුමට සහය

Read More »

“වික්ටෝරියා Lockdown තත්වය තවත් දීර්ඝ කිරීමට වුවද සිදුවිය හැකියි”

පවතින තත්වය සලකා බලා ඇතැම්විට වික්ටෝරියා Lockdown තත්වය තවත් දීර්ඝ කිරීමට වුවද සිදුවිය හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසීය. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ කෙසේවෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ දින කිහිපයේදීම කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම ඉහළ යාම මීට හේතුවයි. දැනට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයටම පණවා ඇති Lockdown තත්වය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 02 වනදායි. කෙසේවෙතත් ප්‍රාන්තයෙන් කුඩා පොකුරු ලෙස ආසාධිතයන් වාර්තාවීම නොසළකා හැරිය නොහැකි බවයි අගමැතිවරයා සඳහන්

Read More »

03 වන දිනයටත් NSW ආසාධිතයන් 800 ඉක්මවයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 818 ක් වාර්තා වී තිබේ. ප්‍රාන්තයෙන් අඛණ්ඩව 03 වන දිනයටත් ආසාධිතයන් 800 ඉක්මවා සටහන් විය. සිඩ්නි නගරයෙන් ඊයේ කොවිඩ් මරණ 03 ක් ද වාර්තා විය. ආසාධිතයන් 698 දෙනෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි තවමත් අවිනිශ්චිතයි. https://twitter.com/NSWHealth/status/1429609544783597571?s=20  

Read More »

වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 71 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 71 ක් හමුව ඇත. මින් 49 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය තහවුරු වී නොමැත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 494 කි. ඊයේ දිනයේදී (22) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 46,446 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,191 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1429576841354825729?s=20

Read More »