Search

වික්ටෝරියා කොවිඩ් රෝගීන් අතර බිළිඳෙකුත්

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතව රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් අතර බිළිඳෙකුද වන බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ අද තහවුරු කලේය.

එමෙන්ම වයස අවුරුදු 10 ට අඩු ළමුන් 112 ක් හා 10 ත් 19 ත් අතර ළමුන් 100 දෙනෙකුද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි ප්‍රාන්ත කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar සඳහන් කලේ.

ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් සමග 20-30-40 වැනි අඩු වයස් කාණ්ඩවල පුද්ගලයන්ට වෛරසය ඉතා සීඝ්‍රයෙන් වැළඳෙන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 71 ක් හමුව ඇත.

මින් 49 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය තහවුරු වී නොමැත.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 494 කි.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »