Search

PHOTOS: Blackburn North නිවසකින් පැහැරගත් දරුවන් දෙදෙනාගේ ඡායාරූප මෙන්න

Blackburn North හි නිවසකින් පැහැරගනු ලැබූ දරුවන් දෙදෙනාගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

අතුරුදන්ව සිටින ළමුන් දෙදෙනාගෙන් ගැහැණු ළමයාට (Adilla Wally) වයස අවුරුදු 05 ක් වන අතර පිරිමි ළමයාට (Bilal Wally) අවුරුදු 03 කි.

Springfield පාරේ පිහිටි නිවසට අද පෙරවරු 08 – 08.30 අතර ඇතුලු වූ පුද්ගලයෙකු මෙම පැහැරගැනීම සිදුකර ඇතැයි වික්ටෝරියා පොලිසිය කියයි.

සැකකරු දරුවන් දෙදෙනාගේ මවට (32) පහරදී මෙම පැහැරගැනීම සිදුකර තිබේ.

කලු පැහැති වර්ගයේ Mercedes Benz මෝටර් රථයක් ද පැහැරගෙන ගොස් ඇත.

වාහනයේ ලියාපදිංචි අංකය BEQ 882 වන අතර එය Springfield මාර්ගය ඔස්සේ නැගෙනහිර දෙසට පදවාගෙන යන ආකාරයක් සී සී ටී වී දර්ශනවල අඩංගුය.

වික්ටෝරියා පොලිසිය මේ වනවිට ප්‍රදේශය පුරා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර කිසියම් තොරතුරක් වෙතොත් 000 හෝ 1800 333 000 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

Pic – 09 News

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »