Blackburn North නිවසකින් Mercedes Benz රථයක් පැහැරගනී / දරුවන් දෙදෙනෙකුද අතුරුදන්

Blackburn North හි නිවසකින් කලු පැහැති වර්ගයේ Mercedes Benz මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇති අතර නිවසේ සිටි දරුවන් දෙදෙනෙකුද අතුරුදන්වී ඇත.

Springfield පාරේ පිහිටි නිවසට අද පෙරවරුවේ ඇතුලු වූ පුද්ගලයෙකු මෙම පැහැරගැනීම සිදුකර ඇතැයි වික්ටෝරියා පොලිසිය කියයි.

වාහනයේ ලියාපදිංචි අංකය BEQ 882 වන අතර එය Springfield මාර්ගය ඔස්සේ නැගෙනහිර දෙසට පදවාගෙන යන ආකාරයක් සී සී ටී වී දර්ශනවල අඩංගුය.

අතුරුදන්ව සිටින ළමුන් දෙදෙනාගෙන් ගැහැණු ළමයාට වයස අවුරුදු 05 ක් වන අතර පිරිමි ළමයාට අවුරුදු 03 කි.

ඔවුන් ආසියානු සම්භවයක් සහිත අය ලෙසටයි තහවුරු වී ඇත්තේ.

එම නිවසේ පදිංචි එහෙත් අදාළ පැහැරගැනීම සිදුවන අවස්ථාවේ නිවසේ නොසිටි පිරිමි අයෙකුද පොලිස් පරීක්ෂණවලට සහය දෙමින් සිටී.

වික්ටෝරියා පොලිසිය මේ වනවිට ප්‍රදේශය පුරා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර කිසියම් තොරතුරක් වෙතොත් 000 හෝ 1800 333 000 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

Pic – ABC News

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »