Day: August 1, 2021

ක්වීන්ස්ලන්ඩ් ස්ථාන රැසක් රතු කලාප ලෙස නම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගනී

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ස්ථාන රැසක් වසා දැමීමත් සමග ඒවා රතු කලාප ලෙස නම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගෙන තිබෙනවා. මේ අනුව වික්ටෝරියා හි පදිංචි අය හැර වෙනත් කිසිදු අයෙකුට සුවිශේෂී අවසරයකින් තොරව එම ප්‍රදේශවල සිට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ. පැමිණෙන පුද්ගලයන්ද කොවිඩ් පරීක්ෂණයකට පෙනී සිට දින 14 ක් නිරෝධායනය විය යුතු වනවා. වික්ටෝරියා ප්‍රාන්තයට පණවා තිබූ ලොක්ඩවුන් තත්වය ඉවත් කර අදට දින 07 ක් ගතවනවා.. ක්වීන්ස්ලන්ඩ් රතු කලාප : Brisbane, Moreton Bay, Gold Coast,

Read More »

මෙල්බර්න් Richmond නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාධිතයෙක්

කොවිඩ් ආසාධිතයෙකු වාර්තාවීමත් සමග මෙල්බර්න් හි Richmond apartment complex නිවාස සංකීර්ණයේ සියලු දෙනා නිරෝධායනයට යොමු කර තිබේ. අදාළ ආසාධිතයා මේ වනවිට හෝටල් නිරෝධායනයට යොමු කර ඇති අතර නිවාස සංකීර්ණයේ සෙසු පිරිස එතුළම දින 14 කට නිරෝධායනය කෙරෙන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. මේ වනවිට Richmond apartment complex නිවාස සංකීර්ණයට ඇතුලුවීමට නොහැකි වන අයුරින් අගුලු දමා ඇති බවද සඳහන්. ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු සටහන් විය.

Read More »

ඔලිම්පික් වේගවත්ම පිහිණුම් ශූරිය ඔස්ටේ්‍රලියාවේ Emma McKeon

මෙවර ඔලිම්පික් උළෙලේ වේගවත්ම පිහිණුම් ශූරිය බවට ඔස්ටේ්‍රලියාවේ Emma McKeon පත් වුණා. ඒ කාන්තා මීටර් 50 නිදහස් ආර පිහිණුම් ඉසව්වෙන් තත්පර 23.81 ක නිමි කාලයක් වාර්තා කරමිනුයි. මෙය නව ඔලිම්පික් වාර්තාවක්ද වනවා. Emma McKeon විසින් දිනාගත් 10 වන ඔලිම්පික් පදක්කම මෙයයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී දිනාගත් රන් පදක්කම් 03 ක් ඊට අයත්. මෙවර පිහිණුම් ඉසව්වලින් ඔස්ටේ්‍රලියාව රන් පදක්කම් 08 ක් දිනා ඇති අතර එය 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේදී දිනාගත් රන් පදක්කම් ගණන හා සමානවීමද විශේෂත්වයක්.

Read More »
SYDNEY

ගතවූ පැය 24 තුළ NSW ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 239 ක්

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 239 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ පරීක්ෂණ 87,712 ක් අතුරිනි. මින් 115 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව සඳහන්. කෙසේවෙතත් 98 දෙනෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි යන්න තවමත් අවිනිශ්චිතය. NSW recorded 239 new locally acquired cases of COVID-19 in the 24 hours to 8pm last night. pic.twitter.com/q19fmK7JQf — NSW Health (@NSWHealth) August 1, 2021

Read More »

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රජාව අතරින් ආසාදිතයින් 04 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 04 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 161 කි. ඊයේ දිනයේදී (31) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 25,779 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,841 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1421596616687951872?s=20

Read More »