Day: August 1, 2021

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ගැනීම උනන්දු කරවීමට $ මිලියන 10 ක් දෙන ලොතරැයියක්

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබාගැනීම උනන්දු කරවීමට සතිපතා ඩොලර් මිලියන 10 බැගින් තෑගි දෙන ලොතරැයියක් Grattan ආයතනය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කර තිබේ. මෙම ලොතරැයියේ පළමු දිනුම් ඇදීම මේ වසරේ Melbourne Cup දිනය දා සිදුකිරීමට නිර්දේශ කර තිබේ. ඔස්ට්‍රේලියාවේ මේ වන විට සැලකිය යුතු පිරිසක් තවමත් කොවිඩ් එන්නත ලබාගෙන නොමැත. ඔස්ට්‍රේලියානුවාසීන්ට කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා උනන්දු කරවීම මෙම ලොතරැයියක් හඳුන්වා දීමේ අරමුණයි. සෑම සතියකම කොවිඩ් එන්නත ලබාගත් ජයග්‍රාහී පුද්ගලයින් 10 දෙනෙකුට ඩොලර් මිලියනය බැගින් මෙහිදී හිමිවේ.

Read More »

Altona North / Doncaster / Hawthorn ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Altona North / Doncaster / Hawthorn ප්‍රදේශවල ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ. Woolworthsවෙ ළඳසැලක් සහ ශරීර සුවතා මධ්‍යස්ථානයක්ද ඊට අයත්. Tier 01 හා Tier 02 ඝනයේ ස්ථාන මෙම කොවිඩ් ලැයිස්තුවට අයත් වන බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. එම ස්ථාන පහතින් ලබා ගත හැකිය. https://www.coronavirus.vic.gov.au/exposure-sites

Read More »