ක්වීන්ස්ලන්ඩ් ස්ථාන රැසක් රතු කලාප ලෙස නම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගනී

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ස්ථාන රැසක් වසා දැමීමත් සමග ඒවා රතු කලාප ලෙස නම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව වික්ටෝරියා හි පදිංචි අය හැර වෙනත් කිසිදු අයෙකුට සුවිශේෂී අවසරයකින් තොරව එම ප්‍රදේශවල සිට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ.

පැමිණෙන පුද්ගලයන්ද කොවිඩ් පරීක්ෂණයකට පෙනී සිට දින 14 ක් නිරෝධායනය විය යුතු වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා තිබූ ලොක්ඩවුන් තත්වය ඉවත් කර අදට දින 07 ක් ගතවනවා..

ක්වීන්ස්ලන්ඩ් රතු කලාප :

Brisbane, Moreton Bay, Gold Coast, Ipswich, Lockyer Valley, Logan, Noosa, Redland, Scenic Rim, Somerset & Sunshine Coast

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »