Day: July 23, 2021

ගුවන් ගමන් 06 ක නිරතවු QantasLink ගුවන් සේවිකාවකට කොවිඩ් / වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි

පසුගිය සතියේදී ගුවන් ගමන් 06 ක නිරතවු QantasLink ගුවන් සේවිකාවක කොවිඩ් ආසාධිත බව හෙළිකරගෙන ඇත. 30 හැවිරිදි ඇය ජූලි 11 හා 12 යන දිනවලදී Brisbane, Longreach, Hervey Bay & Gladstone දක්වා සිදුකල ගුවන් වාරවල සේවය කර තිබේ. අනතුරුව ඇයට රෝග ලක්ෂණ පහළවී ඇත්තේ ජූලි 13 වනදායි. මේ අනුව අදාළ ගුවන් ගමන් 06 හි ගමන් කල සියලු මගීන්ට වහා හුදකලා වන ලෙස දැනුම් දී ඇතැයි ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලා. The flights on July 11 :

Read More »
breaking

Breaking: තවත් ආසාධිතයන් 136 ක් / NSW ප්‍රාන්තය තුළ ජාතික හදිසි තත්වයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් වාර්තාව යළිත් අලුත් කරමින් ගතවූ පැය 24 තුළදී තවත් ආසාධිතයන් 136 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 53 දෙනෙකුම වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇති බවයි ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කලේ. මේ අතර NSW ප්‍රාන්තය තුළ ජාතික හදිසි තත්වයක් (“national emergency”) ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr Kerry Chant විසින් ලබාදී ඇති උපදෙස් අනුවයි. එමෙන්ම Cumberland & Blacktown ප්‍රදේශවල අත්‍යවශ්‍ය රැකියා කරන අය හැර වෙනත් කිසිවෙකුට නිවාසවලින්

Read More »

16 හැවිරිදි දැරිය මියයාම : බදියුදින්ගේ බිරිද / බිරිදගේ පියා හා තැරැව්කරු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදින්ගේ බිරිද / බිරිදගේ පියා හා අදාල දැරිය කොළඹට ගෙන ආ තැරැව්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රැදවුම් නියෝග ගැනීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 20 කට ආසන්න ප්‍රමාණයක් සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

Read More »

වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් අඩු අගයක – ගතවූ පැය 24 තුළදී 14 ක් පමණයි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩු අගයක් ගෙන තිබේ. ගතවූ පැය 24 තුළදී සටහන් වී ඇත්තේ ආසාධිතයන් 14 දෙනෙකු පමණක් බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේය. මේ අනුව වර්තමාන කොවිඩ් පොකුර 147 දක්වා ඉහළ යයි. දැනට වික්ටෝරියා හි ක්‍රියාත්මක Lockdown තත්වය ලබන 27 වනදා රාත්‍රී 12 ට අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ. https://twitter.com/VicGovDH/status/1418363639577329666?s=20

Read More »

ඇස්ට්‍රා-සෙනෙකා ගැනීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවක ඇතුලු 02 ක් මරුට

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිර කැටි ගැසීම් හමුවේ තවත් ඔස්ටේ්‍රලියානුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ 48 හැවිරිදි කාන්තාවක සහ තස්මේනියා ප්‍රාන්තයේ 44 හැවිරිදි පිරිමි අයෙකු ඒ අතර වෙයි. මෙරටදීි මේ දක්වා ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 61 ක් භාවිත කර ඇති අතර ඉන් පුද්ගල මරණ 06 ක් වාර්තා වී තිබේ. ඔවුන් සියලු දෙනා පළමු මාත්‍රාව පමණක් ගෙන ඇති අය බවද සඳහන්ය.    

Read More »