
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදින්ගේ බිරිද / බිරිදගේ පියා හා අදාල දැරිය කොළඹට ගෙන ආ තැරැව්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රැදවුම් නියෝග ගැනීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 20 කට ආසන්න ප්‍රමාණයක් සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.
