
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් වාර්තාව යළිත් අලුත් කරමින් ගතවූ පැය 24 තුළදී තවත් ආසාධිතයන් 136 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන් 53 දෙනෙකුම වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇති බවයි ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කලේ.
මේ අතර NSW ප්‍රාන්තය තුළ ජාතික හදිසි තත්වයක් (“national emergency”) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr Kerry Chant විසින් ලබාදී ඇති උපදෙස් අනුවයි.
එමෙන්ම Cumberland & Blacktown ප්‍රදේශවල අත්‍යවශ්‍ය රැකියා කරන අය හැර වෙනත් කිසිවෙකුට නිවාසවලින් පිටතට යාම තහණම් කර තිබේ.

Limousine රියදුරෙකු කොවිඩ් ආසාධිත බව හඳුනාගැනීමේ සිට මේ දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති මුලු කොවිඩ් ආසාධිතයන් ගණන 1600 ඉක්මවයි.
දැනට ක්‍රියාත්මක තත්වය ලබන 30 වනදායින් අවසන් නොවීමට ඇති ඉඩකඩ වැඩි බවටයි වාර්තා පළවන්නේ.