ගුවන් ගමන් 06 ක නිරතවු QantasLink ගුවන් සේවිකාවකට කොවිඩ් / වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි

පසුගිය සතියේදී ගුවන් ගමන් 06 ක නිරතවු QantasLink ගුවන් සේවිකාවක කොවිඩ් ආසාධිත බව හෙළිකරගෙන ඇත.

30 හැවිරිදි ඇය ජූලි 11 හා 12 යන දිනවලදී Brisbane, Longreach, Hervey Bay & Gladstone දක්වා සිදුකල ගුවන් වාරවල සේවය කර තිබේ.

අනතුරුව ඇයට රෝග ලක්ෂණ පහළවී ඇත්තේ ජූලි 13 වනදායි.

මේ අනුව අදාළ ගුවන් ගමන් 06 හි ගමන් කල සියලු මගීන්ට වහා හුදකලා වන ලෙස දැනුම් දී ඇතැයි ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලා.

The flights on July 11 :

  • Brisbane-Longreach QF2534
  • Longreach-Brisbane QF2535
  • Brisbane-Gladstone QF2346

The flights on July 12 :

  • Gladstone-Brisbane QF2331
  • Brisbane-Hervey Bay QF2374
  • Hervey Bay-Brisbane QF 2375

මෙම ගුවන් සේවිකාවට වැළඳී ඇත්තේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය බවටද හෙළිකරගෙන තිබේ.

pIC – AAP

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »