Day: July 20, 2021

NSW කොවිඩ් පොකුර 1,418 තෙක් ඉහළට

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 78 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 49 දෙනෙකු වර්තමාන ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව සඳහන්. අනෙක් 29 දෙනාට වෛරසය ආසාධනය වූයේ කෙසේදැයි සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ. නවතම කොවිඩ් රැල්ල ආරම්භයේ සිට මේ දක්වා ප්‍රාන්තයෙන් හමුවී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 1418 කි. https://twitter.com/NSWHealth/status/1417294725426470918?s=20

Read More »

දකුණු ඔස්ටේ්‍රලියාවත් දින 07 කට Lockdown

05 වන ඩෙල්ටා වෛරස් ආසාධිතයාත් හමුවීමත් සමග දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ දින 07 ක Lockdown තත්වයක් පණවා තිබේ. අද පස්වරු 06 සිට ලබන 27 වන අගහරුවාදා පස්වරු 06 තෙක් එය බලාත්මක වනු ඇති. අත්‍යවශ්‍යම කරුණු 05 සඳහා පමණක් නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවනවා. for care and compassion reasons for essential work to purchase essential goods, such as food for medical reasons, including COVID-19 vaccination and testing for exercise, limited to two people per household කිසියම්

Read More »
breaking

Breaking: වික්ටෝරියා Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ කරයි

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ කර තිබේ. ප්‍රාන්ත අගමැති Daniel Andrews දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී නිවේදනය කලේ ඩෙල්ටා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ එම තීරණය ගැනීමට සිදුවූ බවයි. ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 13 ක් වාර්තා විය. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96 කි. ඊයේ දිනයේදී (19/07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,454 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,083 ක් ලබා දී තිබේ.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 13 ක් / Lockdown තීරණය අද පෙරවරුවේ

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 13 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව මෑත කාලීන කොවිඩ් පොකුර 85 දක්වා ඉහළ යයි. මේ අතර ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය දීර්ඝ කරන තීරණය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Read More »

ඩ්‍රෝනයකින් සිගරට් ගෙන්වාගත් නිරෝධායනයේ ඉන්න කාන්තාවකට $ 1300 ක දඩයක්

Gold Coast නගරයේ Crowne Plaza හෝටලයේ නිරෝධායන කටයුතුවල නිරතවී සිටින කාන්තාවකට නිරෝධායන රෙගුලාසි කඩ කිරීමේ චෝදනා මත ඩොලර් 1300 ක දඩයක් නියම කර තිබේ. ඇය විසින් ඩ්‍රෝන යානයක් මගින් දුම්වැටි පැකට්ටුවක් ගෙන්වා ගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඇයගේ කාමරය අයත් බැල්කනිය වෙත එම ඩ්‍රෝනය ගොඩබස්වනු හෝටලයේ සේවකයෙකු විසින් නිරීක්ෂණය කර ඇත. අනතුරුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මේ පිළිබඳ හෝටල් පාලනාධිකාරියද සමග එක්ව අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්. ඩ්‍රෝන යානය ක්‍රියාත්මක කල

Read More »