
Gold Coast නගරයේ Crowne Plaza හෝටලයේ නිරෝධායන කටයුතුවල නිරතවී සිටින කාන්තාවකට නිරෝධායන රෙගුලාසි කඩ කිරීමේ චෝදනා මත ඩොලර් 1300 ක දඩයක් නියම කර තිබේ.
ඇය විසින් ඩ්‍රෝන යානයක් මගින් දුම්වැටි පැකට්ටුවක් ගෙන්වා ගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
ඇයගේ කාමරය අයත් බැල්කනිය වෙත එම ඩ්‍රෝනය ගොඩබස්වනු හෝටලයේ සේවකයෙකු විසින් නිරීක්ෂණය කර ඇත.

අනතුරුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මේ පිළිබඳ හෝටල් පාලනාධිකාරියද සමග එක්ව අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.
ඩ්‍රෝන යානය ක්‍රියාත්මක කල පුද්ගලයාටද ඔස්ටේ්‍රලියානු සිවිල් ගුවන් සේවා නියමයන් කඩ කිරීම යටතේ දඩ නියම කිරීමට නියමිතව තිබේ.

Pic – 9 News