Day: July 20, 2021

Berwick / Dandenong ස්ථාන රැසක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

කොවිඩ් ආසාධිතයන් හා ඔවුන්ගේ සමීපතමයන් ගමන් කිරීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ. Berwick / Dandenong අවන්හල් – සුපිරි වෙළඳසැල් ඇතුලු ස්ථාන රැසක් ඊට අයත්. අද (20) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණු නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :

Read More »

Online පන්ති යන්න දුරකතනයක් නැතිව ලංකාවේ 15 හැවිරිදි දරුවෙකු සියදිවි නසාගෙන

ඔන්ලයින් පන්ති සඳහා සහභාගිවීමට සුදුසු ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැතිවීම නිසා සිත් තැවුලට පත් 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු සියදිවි නසාගත් අවාසනාවන්ත පුවතක් වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබූ දරුවෙකි. ඔහු දරුවන් 03 දෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයාය. මවුපියන් වත්තේ වැඩක නිරත වී ආපසු නිවසට පැමිණ කතා කරද්දි පිළිතුරක් නොලැබුණු නිසා ඔහුගේ කාමරයේ දොර විවෘත කර බැලීමේදී දැකිය හැකි වූයේ දරුවා සිය දිවි නසාගෙන සිටින අයුරුයි. පසුව කුරුණෑගල පළාත් මහ

Read More »

වික්ටෝරියා border permit සඳහා සංශෝධන කිහිපයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා බලපත් (border permit) සඳහා සංශෝධන කිහිපයක් සිදුකර තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට නීති විරෝධීව ඇතුලුවන්නන් සීමා කිරීමයි එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ. මේ අනුව ලබන සිකුරාදා රාත්‍රී 12 සිට NSW ප්‍රාන්තයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවිය හැකි වනුයේ “red zone permit” එකක් හිමි අයට පමණි. ඩෙල්ටා වෛරස් ප්‍රභේදය වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම වළක්වාගැනීම දැඩි අසීරු කරුණක් බවට පත්ව ඇති බවයි ප්‍රාන්ත අගමැති Daniel Andrews සඳහන් කරන්නේ. නොමැති කිසිවෙකුටත් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදෙන

Read More »

සයිනොෆාම් එන්නත ගැන ලංකාවේ සරසවියකින් විශිෂ්ඨ සොයාගැනීමක්

සයිනොෆාම් එන්නතේ මාත්‍රා 02 ම ගත් අය අතුරින් සියයට 95 කට කොවිඩ් වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිදේහ නිපදවෙන බව ශ්‍රී ලංකාවේදී සිදුකල පර්යේෂණයකදී අනාවරණ වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව හා ආසාත්මිකතා ඒකකය විසිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ. එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටද සයිනොෆාම් එන්නත මගින් ඉතා හොඳ රැකවරණයක් හිමිවන බවයි. කොළඹ මහ නගර සභාව සහ බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින්ද මෙම පර්යේෂණයට සහය සපයා තිබුණා. ඊට ප්‍රතිපාදන ලබාදී ඇත්තේ ලෝක සෞඛ්‍ය

Read More »