සයිනොෆාම් එන්නත ගැන ලංකාවේ සරසවියකින් විශිෂ්ඨ සොයාගැනීමක්

සයිනොෆාම් එන්නතේ මාත්‍රා 02 ම ගත් අය අතුරින් සියයට 95 කට කොවිඩ් වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිදේහ නිපදවෙන බව ශ්‍රී ලංකාවේදී සිදුකල පර්යේෂණයකදී අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව හා ආසාත්මිකතා ඒකකය විසිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ. එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටද සයිනොෆාම් එන්නත මගින් ඉතා හොඳ රැකවරණයක් හිමිවන බවයි.

කොළඹ මහ නගර සභාව සහ බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින්ද මෙම පර්යේෂණයට සහය සපයා තිබුණා.

ඊට ප්‍රතිපාදන ලබාදී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

වයස අවුරුදු 20 ත් 39 ත් අතර අයට සයිනොෆාම් එන්නත ඉහළම සාර්ථක ක්‍රියාකාරීත්වයක් දක්වා ඇති අතර එහි ප්‍රතිශතය සියයට 98 යි දසම 9 ක්.

වයස අවුරුදු 60 ට වැඩි අයට එම ප්‍රතිශතය සියයට 93 යි දසම 3 ක් බවයි මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇත්තේ.

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »