Online පන්ති යන්න දුරකතනයක් නැතිව ලංකාවේ 15 හැවිරිදි දරුවෙකු සියදිවි නසාගෙන

ඔන්ලයින් පන්ති සඳහා සහභාගිවීමට සුදුසු ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැතිවීම නිසා සිත් තැවුලට පත් 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු සියදිවි නසාගත් අවාසනාවන්ත පුවතක් වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබූ දරුවෙකි.

ඔහු දරුවන් 03 දෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයාය.

මවුපියන් වත්තේ වැඩක නිරත වී ආපසු නිවසට පැමිණ කතා කරද්දි පිළිතුරක් නොලැබුණු නිසා ඔහුගේ කාමරයේ දොර විවෘත කර බැලීමේදී දැකිය හැකි වූයේ දරුවා සිය දිවි නසාගෙන සිටින අයුරුයි.

පසුව කුරුණෑගල පළාත් මහ රෝහලේ දී සිදු කළ මරණ පරීක්ෂණයේදී ඔහුගේ මරණය ගෙළ සිරවීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු වූවා.

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »