Day: July 15, 2021

වික්ටෝරියා Lockdown කිරීමක් නෑ / මෙල්බර්න් තවත් පාසලක් වැසේ / 10,000 ක් නිරෝධායනයේ

ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු වාර්තා වුවද වික්ටෝරියා ප්‍රාන්තය Lockdown කිරීමකට මේ දක්වා තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අංශ පැවසීය. ප්‍රාන්ත කොවිඩ් අණ දෙන නිළධාරී Jeroen Weimar මේ බව කියාසිටියේ මෙල්බර්න් නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි. අවසානයට සටහන්වූ ආසාධිතයන් දෙදෙනා MCG ක්‍රීඩාංගණයේ පසුගිය සෙනසුරාදා පැවති Carlton v Geelong තරගය නැරඹීමට ගොස් ඇති බවද ඔහු සඳහන් කලා. ඔවුන් සමීපයේ අසුන් ගෙන සිටියේ කවුරුන්දැයි තවමත් අවිනිශ්චිත බවයි Jeroen Weimar ප්‍රකාශ කලේ. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය

Read More »
Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 03 ක් / මාත්‍රා 02 ම ගත් ගුවන් තොටුපළ සේවිකාවකද ඒ අතර

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු සටහන්වී ඇත. පසුගිය 09 වනදා සිඩ්නි සිට පැමිණි වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු හා ඔහුගේ පියාද ඒ අතර වෙයි. මෙම දරුවා හා පියා අමෙරිකාවේ සිට සිඩ්නි දක්වා පැමිණ ඇති අතර අනතුරුව ක්වන්ටාස් ගුවන් යානයක් මගින් බ්‍රිස්බන් දක්වා පැමිණ තිබේ. දරුවාගේ මව සෘණාත්මක බව තහවුරු වී තිබේ. එමෙන්ම කොවිඩ් මාත්‍රා 02 ම ලබා ගත් බ්‍රිස්බන් ගුවන් තොටුපළ සේවිකාවකද කොවිඩ් ආසාධිත බවට ඊයේ හඳුනාගෙන තිබේ. එය බරපතල

Read More »

සිඩ්නි ආසාධිතයන් අඩු වෙයි / Lockdown තත්වයේ ප්‍රථිඵලයක් ??

Lockdown තත්වයේ ප්‍රථිඵලයක් ලෙස සිඩ්නි නගරයෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩු වීමට පටන්ගෙන තිබේ. ගතවූ පැය 24 තුළදී වාර්තා වී ඇත්තේ ආසාධිතයන් 65 දෙනෙකු පමණක් බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය. ඊයේ දිනයේදී පරීක්ෂණ 58,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර තිබිණ. කෙසේවෙතත් මෙම ආසාධිතයන්ගෙන් 28 දෙනෙකු වෛරසය ආසාධිතව තිබියදී සමාජයේ සැරිසරා ඇතැයිද වාර්තා වෙයි. ඒ අනුව අද සිදුකරන පරීක්ෂණ හරහා හෙට දිනයේදී යළිත් වරක් ආසාධිතයන් ගණන වැඩි වනු ඇති බවටද අගමැතිනිය අනතුරු අගවා සිටී.

Read More »

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 10 ක් / තවත් සීමා පැණවීම ගැන තීරණය අද උදේ

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 08 දෙනකුම ඊයේ දිනය තුළ ප්‍රකාශයට පත්විය. මෙම 10 දෙනාගෙන් 06 දෙනෙකුම දැනට Lockdown කර ඇති නිවාස සංකීර්ණයට සම්බන්ධ අය වෙති. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තය තුළ නැවතත් මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කිරීමටයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ තීරණය කලේ. එමෙන්ම තවත් සීමා පණවන්නේද යන්න සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. https://twitter.com/VicGovDH/status/1415442767111606275?s=20

Read More »

කොවිඩ් අවධානම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් පාසලක් වසා දමයි

කොවිඩ් අවධානම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් පාසලක් තාවකාලිකව වසා දමා තිබේ. මෙය දිනයක් ඇතුළත වික්ටෝරියා ප්‍රාන්තයේ වසා දැමුණු 02 වන පාසලයි. මේ අනුව Geelong හි Barwon Heads ප්‍රාථමික පාසලද නැවත දැනුම් දෙන තුරු වසා දැමිණ. ඒ කොවිඩ් ආසාධිතයෙකු පසුගිය දින 03 පුරා එම පාසලට පැමිණ ඇතැයි හෙළිවීමත් සමගයි. ගුරුවරියකට කොවිඩ් වැළඳීම නිසා වයඹ දිග මෙල්බර්න් හි Bacchus Marsh Grammar පාසල ද දින 02 කට වසා දැමිණ. කෙසේවෙතත් සෞඛ්‍ය උපදෙස් මත සියලු සිසුන් හුදකලා කිරීමටත් පරීක්ෂණවලට ලක්

Read More »