වික්ටෝරියා Lockdown කිරීමක් නෑ / මෙල්බර්න් තවත් පාසලක් වැසේ / 10,000 ක් නිරෝධායනයේ

ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු වාර්තා වුවද වික්ටෝරියා ප්‍රාන්තය Lockdown කිරීමකට මේ දක්වා තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අංශ පැවසීය.

ප්‍රාන්ත කොවිඩ් අණ දෙන නිළධාරී Jeroen Weimar මේ බව කියාසිටියේ මෙල්බර්න් නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

අවසානයට සටහන්වූ ආසාධිතයන් දෙදෙනා MCG ක්‍රීඩාංගණයේ පසුගිය සෙනසුරාදා පැවති Carlton v Geelong තරගය නැරඹීමට ගොස් ඇති බවද ඔහු සඳහන් කලා.

ඔවුන් සමීපයේ අසුන් ගෙන සිටියේ කවුරුන්දැයි තවමත් අවිනිශ්චිත බවයි Jeroen Weimar ප්‍රකාශ කලේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය තුළ 10,000 කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයේ යෙදී සිටින බවයි අණ දෙන නිළධාරීවරයා කියාසිටියේ.

එමෙන්ම කොවිඩ් අවධානම හමුවේ මෙල්බර්න් හි 03 වන පාසලත් වසා දමා ඇත.

Murrumbeena හි St Patrick’s පාසල මෙලෙස වසා දමා ඇත්තේ 04 වසරේ සිසුවෙකු ඩෙල්ටා වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණ වීමත් සමගයි.

ඒ අනුව එම ශ්‍රේණියේ සියලුම සිසුන් මේ වනවිට හුදකලා කර තිබෙනවා.

 

Pic – BBC

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »