Search

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 03 ක් / මාත්‍රා 02 ම ගත් ගුවන් තොටුපළ සේවිකාවකද ඒ අතර

Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු සටහන්වී ඇත.

පසුගිය 09 වනදා සිඩ්නි සිට පැමිණි වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු හා ඔහුගේ පියාද ඒ අතර වෙයි.

මෙම දරුවා හා පියා අමෙරිකාවේ සිට සිඩ්නි දක්වා පැමිණ ඇති අතර අනතුරුව ක්වන්ටාස් ගුවන් යානයක් මගින් බ්‍රිස්බන් දක්වා පැමිණ තිබේ.

දරුවාගේ මව සෘණාත්මක බව තහවුරු වී තිබේ.

එමෙන්ම කොවිඩ් මාත්‍රා 02 ම ලබා ගත් බ්‍රිස්බන් ගුවන් තොටුපළ සේවිකාවකද කොවිඩ් ආසාධිත බවට ඊයේ හඳුනාගෙන තිබේ.

එය බරපතල අවධානම් තත්වයක් බව ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ කියයි.

ඇය වෛරසය වැළඳීමෙන් පසු දින 03 ක් සේවය කර ඇත.

මේ අනුව ප්‍රදේශ 11 ක හෙට දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ දැනට බලාත්මක කොවිඩ් සීමා තවත් සතියකට දීර්ඝ කිරීමටයි බළධාරීන් තීරණය කර ඇත්තේ.

 

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »