කොවිඩ් අවධානම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් පාසලක් වසා දමයි

කොවිඩ් අවධානම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් පාසලක් තාවකාලිකව වසා දමා තිබේ.

මෙය දිනයක් ඇතුළත වික්ටෝරියා ප්‍රාන්තයේ වසා දැමුණු 02 වන පාසලයි.

මේ අනුව Geelong හි Barwon Heads ප්‍රාථමික පාසලද නැවත දැනුම් දෙන තුරු වසා දැමිණ.

ඒ කොවිඩ් ආසාධිතයෙකු පසුගිය දින 03 පුරා එම පාසලට පැමිණ ඇතැයි හෙළිවීමත් සමගයි.

ගුරුවරියකට කොවිඩ් වැළඳීම නිසා වයඹ දිග මෙල්බර්න් හි Bacchus Marsh Grammar පාසල ද දින 02 කට වසා දැමිණ.

කෙසේවෙතත් සෞඛ්‍ය උපදෙස් මත සියලු සිසුන් හුදකලා කිරීමටත් පරීක්ෂණවලට ලක් කිරීමටත් පියවර ගෙන තිබේ.

තත්වය යහපත් නොවුණහොත් ලබන සඳුදා සිට පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමටද බළධාරීන් තීරණය කොට ඇත.

 

Pic – Joe Armao

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »