Day: July 12, 2021

වසරකට වැඩි කාලයකින් පසු සිඩ්නි නගරයෙන් දිනයක කොවිඩ් ආසාධිතයන් 100 ඉක්මවයි

වසරකට වැඩි කාලයකින් පසු සිඩ්නි නගරයෙන් එක් දිනයකදී වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 100 ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේදී සිඩ්නි නගරයෙන් කොවිඩ් ආසාධිතයන් 112 දෙනෙකු හමුවී ඇතැයි ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය. මින් බහුතරය පෙර ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව සඳහන්. ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණ 46,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර තිබුණි.   Pic – Straits Times

Read More »

කොවිඩ් ආසාධිත සිඩ්නි නාගරිකයෙකු වෛරසය තිබියදී වික්ටෝරියා සහ ද. ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල සැරිසරලා

කොවිඩ්19 ආසාධනය වී සිටි සිඩ්නි නාගරිකයෙකු වෛරසය තිබියදී වික්ටෝරියා සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල සැරිසරා ඇතැයි අනාවරණ වී තිබේ. වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ ජූලි 08 – 09 යන දින දෙකේදී මෙම පුද්ගලයා එම ප්‍රාන්ත දෙකෙහි සිට ඇති බවයි. ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ ගමන් කල ස්ථාන සහ වේලාවන් කවරේදැයි සොයා මේ වනවිට පුලුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත් මොහු සැළකෙන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිත ලැයිස්තුවටයි. ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලින් කිසිදු

Read More »

මෙල්බර්න් Upwey හිදී දුම්රියේ ගැටී මාස 03 ක බිළිඳෙකු මරුට / මවට බරපතලයි

මෙල්බර්න් Upwey හි Kumbada Avenue හිදී දුම්රියේ ගැටීමෙන් මාස 03 ක් වයසැති බිළිඳෙකු මියගොස් තිබේ. දරුවාගේ මවද බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. මව මේ වනවිට Royal Melbourne රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇයට දරුණු තුවාල කිහිපයක් සිදුවී ඇති අතර මෙය සිය දිවි නසා ගැනීමට තැත් කිරීමක්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කොට තිබේ.   Pic – 9News  

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාධනය වී නෑ

එංගලන්ත සංචාරයට ගොස් පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් සියලු දෙනාට හුදකලා තත්වයෙන් පිටතට පැමිණීමට අවසර දී ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කලේ. කෙසේවෙතත් පුහුණුකරුවන් සහ සහය කාර්ය මණ්ඩලය ලබන බදාදා තෙක් හුදකලාව සිටිය යුතුයි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් ආරම්භ කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි සඳහන්. කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී ටී නිරෝෂන් කොවිඩ් ආසාධිතයන් ලෙස

Read More »

පර්ත් සහ පීල් Lockdown සීමා ඉවතට / Face-mask අනිවාර්ය නෑ

බටහිර ඔස්ටේ‍රලියාවේ පර්ත් සහ පීල් නගරවල පණවා තිබූ අවසන් Lockdown සීමාද ඉවත් කර තිබේ. මේ අනුව මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන අතර රැස්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යා සීමාද ඉවත් කර තිබේ. නර්තන ඉසව් ඇතුලු විනෝදාස්වාද අවස්ථාද පැවැත්වීමට අද සිට අවසර හිමිවනවා. Northern Territory සඳහා බටහිර ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත සීමා විවෘත වන නමුත් ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් සඳහා තවදුරටත් ප්‍රාන්ත සීමා වසා දමා තිබේ.  

Read More »