Day: July 12, 2021

Breaking: මෙල්බර්න් නගරයේ Coles වෙළඳ සැලක් සහ ඉන්ධන පිරවුම්හලක් අවධානම් ලැයිස්තුවට

සිඩ්නි සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමත් ඔවුන් කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගැනීමත් සමග මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ. ඒ අනුව Coles වෙළඳ සැලක් සහ ඉන්ධන පිරවුම්හලක් ද ඊට ඇතුළත් කර ඇත. Coles Craigieburn Central in Craigieburn Central Shopping Centre on July 10 between 5.28pm and 6.38pm Metro Petroleum Broadmeadows at 184 Widford St on July 11 between 1.19pm and 2.04pm මෙම ස්ථානවල සිටි කිසියම් අයෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවිය යුතු අතර

Read More »

වික්ටෝරියා පාසල්වල e-දුම්වැටි පානය නතර කිරීමට අලුත් වැඩක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් සිසුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන ඊ-දුම්වැටි පානය නතර කිරීමට පාසල් බළධාරීන් විසින් නවතම පියවරක් අත්හදා බලමින් සිටී. ඒ අනුව වැසිකිළි ඇතුලු ස්ථානවල අධි සංවේදී උපකරණ සවි කිරීමට පියවර ගෙන තිබේ. දැනටමත් මෙල්බර්න් නගරයේ පාසල් 06 ක මෙම උපකරණ සවි කර ඇතැයි සඳහන්. ඊ-දුම්වැටි වල දුමාරය හඳුනාගත් සැණින් පාසලේ ගුරුවරුන් ඇතුලු ඉහළ පාලනාධිකාරිය වෙත ඒ බව දැක්වෙන කෙටි පණිවිඩයක් යොමු කිරීම සහ සී සී ටී වී කැමරා ඔස්සේ පටිගත කිරීම් ආරම්භවීම අනතුරුව සිදුවනවා.

Read More »

සිඩ්නි සිට වික්ටෝරියා පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගත් තවත් අයෙකුට කොවිඩ්

සිඩ්නි සිට වික්ටෝරියා පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගත් තවත් අයෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගෙන තිබේ. මෙම තැනැත්තාද removalist අයෙකු ලෙස සේවය කර ඇති අතර 30 හැවිරිදි වියෙහි පසුවන්නෙකු බව සඳහන්. පසුගිය ජූලි 08 වනදා ඔහු වික්ටෝරියා හි රාත්‍රිය ගත කර ඇති අතර දකුණු ඔස්ටේ‍රලියාවට යාමෙන් පසුවයි කොවිඩ් ආසාධිත බව හෙළිවී ඇත්තේ. Whittlesea නගරයට ලී බඩු ගෙන ගිය කණ්ඩායමක පිරිසක් වන මොවුන්ගෙන් 02 දෙනෙකු මේ අනුව කොවිඩ් ආසාධිත බව හෙළි වී අවසන්. වික්ටෝරියා කොවිඩ් අණ දෙන

Read More »

මෙල්බර්න් Tallarook ප්‍රදේශයේ නිවසක ගින්නකින් දෙදෙනෙකු මරුට

මෙල්බර්න් Tallarook ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ රාත්‍රී 11 ට පමණ Tallarook-Pyalong මාර්ගයේ පිහිටා තිබූ නිවසක මෙම ගින්න හටගෙන තිබිණ. වික්ටෝරියා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට අනුව නිවස මුලුමනින්ම ගිනිගෙන විනාශ වී තිබේ. කෙසේවෙතත් ගින්න පාලනය කිරීම සඳහා පැය එකහාමාරකට ආසන්න කාලයක් ගතවී ඇතැයිද වාර්තාවෙයි. ගින්නට හේතුව මේ දක්වා අනාවරණ වී නොමැති අතර විදුලි කාන්දුවක් බවටද සැක මතුවී ඇත.   Pic – 9News

Read More »

මෙල්බර්න් Berwick හිදී තියුණු ආයුධයකින් පහරදී BMW X5 රථයක් පැහැරගත් 07 ක් අල්ලයි

මෙල්බර්න් Berwick ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ BMW X5 මෝටර් රථය පැහැර ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාන්තාවන් 03 දෙනෙකුද ඒ අතර වන බවයි. අද අලුයම 02 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබිණ. පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තුවාලවල තත්වය බරපතල නැතැයි පොලිසිය කියයි. ඔහුගේ මෝටර් රථය Princes Highway හි අතහැර දමා තිබියදී අලුයම 03 ට පමණ සොයාගෙන තිබේ.   Pic – Vic Police

Read More »