
එංගලන්ත සංචාරයට ගොස් පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් සියලු දෙනාට හුදකලා තත්වයෙන් පිටතට පැමිණීමට අවසර දී ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කලේ.
කෙසේවෙතත් පුහුණුකරුවන් සහ සහය කාර්ය මණ්ඩලය ලබන බදාදා තෙක් හුදකලාව සිටිය යුතුයි.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් ආරම්භ කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි සඳහන්.
කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී ටී නිරෝෂන් කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගැනීමත් සමගයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලන් හුදකලා කෙරුණේ.

ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය ලබන ඉරිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.