Day: July 11, 2021

Kmart, Bunnings and Coles

Kmart, Bunnings & Coles ස්ථාන රැසක් සිඩ්නි අවධානම් ලැයිස්තුවට

සිඩ්නි නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. ඊට අනුව Kmart, Bunnings හා Coles  ආදී ජනාකීර්ණ ස්ථාන රැසක් අවධානම් ස්ථාන ලෙස නම් කර ඇත. මෙම ස්ථානවල අදාළ කාලසීමාවලදී සිටි කවරෙකු හෝ වෙතොත් දින 14 ක් හුදකලා විය යුතු අතර 1800 943 553 මගින් NSW සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. Greenacre, Greenacre Medical Practice, 168 Waterloo Road on Monday 5 July from 11.40am – 1.50pm and Tuesday 6 July from 12.40pm – 1.45pm Kogarah, President Ave

Read More »

වික්ටෝරියා ප්‍රාන්තය, NSW සහ ACT ප්‍රාන්ත සමග සමස්ත ප්‍රාන්ත සීමා වසා දමයි

නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්ත සමග වන සමස්ත ප්‍රාන්ත සීමා වසා දැමීමට වික්ටෝරියා ප්‍රාන්තය කටයුතු කර තිබේ. මේ අනුව NSW සහ ACT හි සියලුම ප්‍රදේශ පාහේ අද රාත්‍රී 12 සිට රතු කලාප බවට වික්ටෝරියා ප්‍රාන්තය විසින් නම් කර ඇත. මේ දක්වා එම ප්‍රාන්ත දෙකෙහි Regional ප්‍රදේශ orange zones ලෙස සැළකිණ. එහෙත් NSW ප්‍රාන්තයෙන් අද දිනයෙන් ආසාධිතයන් 77 ක් හමුවීමත් සමග සමස්ත ප්‍රාන්තයම රතු කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ.

Read More »

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රිඩිකාවක් විම්බල්ඩන් ටෙනිස් කිරුල දිනයි

මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලේ බාටි සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවා පරාජය කරමින්. කාන්තා කේවල ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලේ බාටි මෙම තරගය ජය ගත්තේ 06 – 03ක්, 06-07ක් සහ 06-03ක් ලෙසයි. ඇය දිනා ගත් දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයද මෙය වනවා. ඇය මීට පෙර 2019 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළද දිනා ගත්තා. විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනා ගත් ඈෂ්ලේ බාටි, ක්‍රිකට් ක්‍රීඩාවටද

Read More »

Just In : මාස 10 කට පසු NSW ප්‍රාන්තයෙන් කොවිඩ් මරණයක් / ඊයේ ආසාධිතයන් 77 ක්

මාස 10 කට පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබේ. වයස අවුරුදු 90 ක් පමණ වන කාන්තාවක ලිවර්පූල් රෝහලේදී මියගොස් ඇත. ඇය මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාධිතයෙකුගේ සමීපතරයෙකු වන අතර කොවිඩ් ආසාධිත බව හඳුනාගැණුනේ පසුගිය සිකුරාදා දිනයේදීයි. ඇයට කොවිඩ් එන්නතක් ලබාදී නොතිබූ බවද වාර්තා වෙයි. මේ අතර ගතවූ පැය 24 තුළදී NSW ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 77 දෙනෙකු හඳුනා ගැණින. https://twitter.com/NSWHealth/status/1414026700841644036?s=20  

Read More »

නවසීලන්තයට පැමිණීමට පෙර සෑම ඔස්ටේ්‍රලියානුවෙකුම අනිවාර්ය පරීක්ෂණ මාලාවකට

සිඩ්නි කොවිඩ් පොකුර අඛණ්ඩව ඉහළ යාමත් සමග ඔස්ටේ්‍රලියාවට අදාළ සංචාරක රෙගුලාසි දැඩි කිරීමට නවසීලන්තය පියවර ගෙන තිබේ. ඒ අනුව නවසීලන්තයට පැමිණීමට පෙර සෑම ඔස්ටේ්‍රලියානුවෙකුම අනිවාර්ය පරීක්ෂණ මාලාවකට යොමු කිරීම අනිවාර්ය කර ඇත. කෙසේවෙතත් මෙම පරීක්ෂණ සඳහා අති විශාල මුදලක් වැය වන බවටද චෝදනා පවතී. දෙරට අතර සංචාරක බුබුළ අවස්ථා කිහිපයකදී අත්හිටුවීමටද නවසීලන්තය පියවර ගත්තේ ඔස්ටේ්‍රලියාවෙන් වරින් වර කොවිඩ් ආසාධිතයන් හමුවීමත් සමගයි. මෙම රටවල් දෙකෙහිම එන්නත්කරණය තරමක් පසුගාමී මට්ටමක පවතින බවද අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් පිළිගත්තාය.

Read More »