
සිඩ්නි කොවිඩ් පොකුර අඛණ්ඩව ඉහළ යාමත් සමග ඔස්ටේ්‍රලියාවට අදාළ සංචාරක රෙගුලාසි දැඩි කිරීමට නවසීලන්තය පියවර ගෙන තිබේ.
ඒ අනුව නවසීලන්තයට පැමිණීමට පෙර සෑම ඔස්ටේ්‍රලියානුවෙකුම අනිවාර්ය පරීක්ෂණ මාලාවකට යොමු කිරීම අනිවාර්ය කර ඇත.
කෙසේවෙතත් මෙම පරීක්ෂණ සඳහා අති විශාල මුදලක් වැය වන බවටද චෝදනා පවතී.

දෙරට අතර සංචාරක බුබුළ අවස්ථා කිහිපයකදී අත්හිටුවීමටද නවසීලන්තය පියවර ගත්තේ ඔස්ටේ්‍රලියාවෙන් වරින් වර කොවිඩ් ආසාධිතයන් හමුවීමත් සමගයි.
මෙම රටවල් දෙකෙහිම එන්නත්කරණය තරමක් පසුගාමී මට්ටමක පවතින බවද අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් පිළිගත්තාය.
