වික්ටෝරියා ප්‍රාන්තය, NSW සහ ACT ප්‍රාන්ත සමග සමස්ත ප්‍රාන්ත සීමා වසා දමයි

නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්ත සමග වන සමස්ත ප්‍රාන්ත සීමා වසා දැමීමට වික්ටෝරියා ප්‍රාන්තය කටයුතු කර තිබේ.

මේ අනුව NSW සහ ACT හි සියලුම ප්‍රදේශ පාහේ අද රාත්‍රී 12 සිට රතු කලාප බවට වික්ටෝරියා ප්‍රාන්තය විසින් නම් කර ඇත.

මේ දක්වා එම ප්‍රාන්ත දෙකෙහි Regional ප්‍රදේශ orange zones ලෙස සැළකිණ.

එහෙත් NSW ප්‍රාන්තයෙන් අද දිනයෙන් ආසාධිතයන් 77 ක් හමුවීමත් සමග සමස්ත ප්‍රාන්තයම රතු කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ.

ඊයේ දිනයේදී ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් සියලු වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට දන්වා සිටියේ ඔවුන් දැනට නිවු සවුත් වේල්ස් හි Regional කලාපවල සිටීනම් වහා නිවෙස් වෙත යන ලෙසයි.

දැන් වුවද ඔවුන්ට නිවාස වෙත යා හැකි නමුත් දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

 

Pic – AAP

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »