ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රිඩිකාවක් විම්බල්ඩන් ටෙනිස් කිරුල දිනයි

මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලේ බාටි සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවා පරාජය කරමින්.

කාන්තා කේවල ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලේ බාටි මෙම තරගය ජය ගත්තේ 06 – 03ක්, 06-07ක් සහ 06-03ක් ලෙසයි.

ඇය දිනා ගත් දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයද මෙය වනවා.

ඇය මීට පෙර 2019 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළද දිනා ගත්තා. විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනා ගත් ඈෂ්ලේ බාටි, ක්‍රිකට් ක්‍රීඩාවටද දක්ෂ ක්‍රීඩිකාවක්.

ඇය 2015 වර්ෂයේ පැවති ඕස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් තරගාවලියේදී බ්‍රිස්බේන් හිට්ස් කණ්ඩායමද නියෝජනය කළා.

ඊයේ පැවති විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගය නැරඹීම සඳහා විලියම් කුමරු සහ කේට් කුමරිය මෙන්ම ටොම් කෘස් ඇතුලු හොලිවුඩ් රංගන ශිල්පීන් කිහිප දෙනෙකුද පැමිණ සිටියා.

Pic – NDTV

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »