Just In : මාස 10 කට පසු NSW ප්‍රාන්තයෙන් කොවිඩ් මරණයක් / ඊයේ ආසාධිතයන් 77 ක්

මාස 10 කට පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබේ.

වයස අවුරුදු 90 ක් පමණ වන කාන්තාවක ලිවර්පූල් රෝහලේදී මියගොස් ඇත.

ඇය මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාධිතයෙකුගේ සමීපතරයෙකු වන අතර කොවිඩ් ආසාධිත බව හඳුනාගැණුනේ පසුගිය සිකුරාදා දිනයේදීයි.

ඇයට කොවිඩ් එන්නතක් ලබාදී නොතිබූ බවද වාර්තා වෙයි.

මේ අතර ගතවූ පැය 24 තුළදී NSW ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 77 දෙනෙකු හඳුනා ගැණින.

https://twitter.com/NSWHealth/status/1414026700841644036?s=20

 

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »