Day: July 6, 2021

සති කිහිපයක් තුළ 03 වන වරටත් Commonwealth බැංකුවේ Online පද්ධතියේ දෝශයක්

සති කිහිපයක් තුළ 03 වන වරටත් Commonwealth බැංකුවේ Online පද්ධතියේ දෝශයක් හටගෙන තිබේ. මෙල්බර්න් – සිඩ්නි සහ පර්ත් ඇතුලු නගර කිහිපයක පාරිභෝගිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් දැඩි විවේච්චන එල්ලකරමින් සිටී. බහුතරයක් පැමිණිලි කර ඇත්තේ අන්තර්ජාලය හරහා මෙන්ම කාඩ් පත් හරහා බිල්පත් ගෙවීම – ආහාර – ඉන්ධන වැනි දෑ මිළයට ගැනීම් සිදුකිරීමේ අසිරුතා මතුව ඇති බවයි. දැනට සති 1 1/2 කට පමණ පෙරද Commonwealth බැංකුවේ අන්තර්ජාල බැංකුකරණයට බාධා එල්ලවූ අතර ඊට සමාව අයැදමින් ඔවුන් විසින් පාරිභෝගිකයන්ට

Read More »

ආසාධිතයන් අඩුවීම නිසා මෙල්බර්න් – සිඩ්නි නගර දෙකටම ඉදිරි දිනවලදී සුභ ආරංචියක් අහන්න ලැබෙන හැඩ

අඛණ්ඩව 06 වන දිනයටත් ඊයේ දිනයේදීත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත. ඒ අනුව බොහෝ දුරට මෙම සතිය අවසානයේදී දැනට පවතින Lockdown සීමා තවදුරටත් ලිහිල් කෙරෙනු ඇති බවට වාර්තා පළවෙයි. දැනට ප්‍රාන්තයේ සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 25 කි. මේ අතර ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 18 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 16 දෙනෙකු පෙර ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව තහවුරු වී ඇත. ආසාධිතයන් වාර්තාවීම අඩුවෙමින් පවතින බැවින් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක

Read More »

මෙල්බර්න් ගිණිකොණදිග ගිනිගෙන දැවෙමින් තිබූ මෝටර් රථයක තිබී මළ සිරුරක්

මෙල්බර්න් ගිණිකොණදිග ප්‍රදේශයේ ගිනිගෙන දැවෙමින් තිබූ මෝටර් රථයක තිබී මළ සිරුරක් හමුවී ඇත. Cranbourne හි  Vega Crescent ආසන්නයෙන් අද අලුයම 03 යි 30 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියයි. පළමුවෙන් මෝටර් රථයේ ගින්න නිවා දමා ඇති අතර අනතුරුවයි එහි තිබී මළ සිරුර සොයාගෙන ඇත්තේ. කෙසේවෙතත් මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මේ දක්වා තහවුරු කරගෙන නොමැත.   File Photo

Read More »
PFIZER

වැඩිපුර එන්නත් වෙනත් රටකට දීමට සූදානම් රටක්

තමන් සතු ෆයිසර් බයෝටෙක්, කොවිඩ්-19 එන්නත් අතිරික්තය වෙනත් රටකට මුදාහැරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීම සඳහා ඊශ්‍රායලය කටයුතු කරමින් සිටී. ඔවුන් වෙනත් රටවල් සමඟ ඒ ගැන සාකච්ඡා කරමින් සිටින බවත් එම එන්නත් මාත්‍රා මෙම මාසය අවසන් වනවිට කල් ඉකුත්වීමට නියමිත බව බලධාරීහු ප්‍රකාශ කළහ. තමා ෆයිසර් ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා සමඟ ඒ ගැන කතා කළ බව ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් පැවසීය. ඒ ආකාරයට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයක් පමණ වෙනත් රටකට සැපයීමට ඇති හැකියාව පිළිබඳව ඔවුන් සොයාබලමින්

Read More »

ලොව ධනවත්ම පුද්ගලයා “ජෙෆ් බෙසොස්” ඇමසන් සමාගමෙන් ඉල්ලා අස්වෙයි

ලොව ධනවත්ම පුද්ගලයින් අතරට පෙරමුණේ සිටින ජෙෆ් බෙසොස් ඇමසන් සමාගමෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු ඇමසන් සමාගම ස්ථාපනය කරන ලද්දේ මීට හරියටම වසර 27කට පෙරදී ය. ඇමසන් සමාගමේ වටිනාකම මේ වනවිට ඩොලර් ට්‍රිලියන 1.8ක් ලෙස සැලකේ. බෙසොස් නව කළමණාකරණ ක්‍රමවේද පිළිබඳව විශ්වාසය තැබුවෙකි. ඔහු සෑමවිටම කුඩා පිරිසක් රැස්වී කරුණු ගැන අදහස් හුවමාරු කරගැනීමට එකඟ විය. ඔහු පැවසුවේ එක් රැස්වීමකට සහභාගී වන පිරිසට පීසා දෙකක් ප්‍රමාණවත් විය යුතු බවය. කාර්ය මණ්ඩල රැස්වීම්වලදී සමහර පුද්ගලයින් ඉස්මතුවීම වැලැක්වීමට ජෙෆ්

Read More »