
සති කිහිපයක් තුළ 03 වන වරටත් Commonwealth බැංකුවේ Online පද්ධතියේ දෝශයක් හටගෙන තිබේ.
මෙල්බර්න් – සිඩ්නි සහ පර්ත් ඇතුලු නගර කිහිපයක පාරිභෝගිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් දැඩි විවේච්චන එල්ලකරමින් සිටී.
බහුතරයක් පැමිණිලි කර ඇත්තේ අන්තර්ජාලය හරහා මෙන්ම කාඩ් පත් හරහා බිල්පත් ගෙවීම – ආහාර – ඉන්ධන වැනි දෑ මිළයට ගැනීම් සිදුකිරීමේ අසිරුතා මතුව ඇති බවයි.

දැනට සති 1 1/2 කට පමණ පෙරද Commonwealth බැංකුවේ අන්තර්ජාල බැංකුකරණයට බාධා එල්ලවූ අතර ඊට සමාව අයැදමින් ඔවුන් විසින් පාරිභෝගිකයන්ට ඩොලර් 50 ක මුදලක් ලබාදීමටද කටයුතු කර තිබිණ.
අද ඇතිවු තත්වය පිළිබඳ තමන් දැනුවත් බවත් හැකි ඉක්මණින් යථා තත්වයට පත් කරන බවත් Commonwealth බැංකුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

We’re aware some of you are experiencing difficulties accessing our services and we’re urgently investigating. We apologise and thanks for your patience, we’ll provide an update soon.
— CommBank (@CommBank) July 6, 2021
Pic – Google