Day: July 6, 2021

covid

Lambda නම් කොවිඩ් ප්‍රභේදයක් ආසාධිතයෙකුත් ඔස්ටේ්‍රලියාවෙන් හමුවෙයි

Lambda නම් COVID-19 ප්‍රභේදය පසුගිය අප්‍රේල් මාසයේදී විදෙස් රටක සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණ හෝටල් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හට තිබූ බව වාර්තා වේ. මෙම නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත විය හැකි අතර COVID-19 එන්නත් වලින් මර්දනය කිරීමට අපහසු විය හැකි බව වාර්තා පෙන්වා දෙයි. මෙය ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ පේරු රාජ්‍යයෙනි. එතැන් පටන් මෙම Lambda COVID-19 ප්‍රභේදය රටවල් 29 කට සම්ප්‍රේෂණය වී ඇති අතර එයින් 7 ක්ම දකුණු ඇමෙරිකානු රටවල්

Read More »

කොවිඩ් නිසා ගෙදර ඉන්න ලෝකවාසී සිසුන්ට ඉන්දියාවෙන් ඩිජිටල් පුස්තකාලයක්

ඉන්දීය රජය විසින් ජාතික ඩිජිටල් පුස්තකාලයක් එළිදක්වා තිබේ. සියලු සිසුන්ට අවශ්‍ය සියලුම විශයන්ට අයත් ලිපි ලේඛණ – වීඩියෝ – ඉලෙක්ට්‍රොනික පොත් සහ මූලාශ්‍ර මිලියන 72 කට වැඩි ප්‍රමාණයක් එහි අන්තර්ගතය. කොවිඩ් තත්වය හමුවේ අධ්‍යාපන කටයුතු අඩාලවී ඇති සිසුන්ට පිරිනැමෙන පරිත්‍යාගයක් ලෙසයි ඉන්දියාව මෙම ඩිජිටල් පුස්තකාලය නම් කර ඇත්තේ. ඉන්දියාවට පමණක් නොව අනෙකුත් රටවලටද මෙමගින් සේවා ලබාගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිසු දරුවන්ට පවා අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මූලාශ්‍ර මෙමගින් ලබාගැනීමේ හැකියාව පවතී. https://ndl.iitkgp.ac.in/ හරහා මෙම

Read More »

බැසිල්ට පාර්ලිමේන්තු එන්න කැටගොඩ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු කියාසිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම්දීම සඳහා තමන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කල බවයි. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා යන දින දෙකෙන් එකකදී දිව්රුම් දෙනු ඇති බවයි.

Read More »