ඉන්දීය රජය විසින් ජාතික ඩිජිටල් පුස්තකාලයක් එළිදක්වා තිබේ.
සියලු සිසුන්ට අවශ්‍ය සියලුම විශයන්ට අයත් ලිපි ලේඛණ – වීඩියෝ – ඉලෙක්ට්‍රොනික පොත් සහ මූලාශ්‍ර මිලියන 72 කට වැඩි ප්‍රමාණයක් එහි අන්තර්ගතය.
කොවිඩ් තත්වය හමුවේ අධ්‍යාපන කටයුතු අඩාලවී ඇති සිසුන්ට පිරිනැමෙන පරිත්‍යාගයක් ලෙසයි ඉන්දියාව මෙම ඩිජිටල් පුස්තකාලය නම් කර ඇත්තේ.
ඉන්දියාවට පමණක් නොව අනෙකුත් රටවලටද මෙමගින් සේවා ලබාගත හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිසු දරුවන්ට පවා අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මූලාශ්‍ර මෙමගින් ලබාගැනීමේ හැකියාව පවතී.
https://ndl.iitkgp.ac.in/ හරහා මෙම ඩිජිටල් පුස්තකාලයට පිවිසිය හැකිය.