
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු කියාසිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම්දීම සඳහා තමන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කල බවයි.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා යන දින දෙකෙන් එකකදී දිව්රුම් දෙනු ඇති බවයි.
