ලොව ධනවත්ම පුද්ගලයා “ජෙෆ් බෙසොස්” ඇමසන් සමාගමෙන් ඉල්ලා අස්වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ලොව ධනවත්ම පුද්ගලයා “ජෙෆ් බෙසොස්” ඇමසන් සමාගමෙන් ඉල්ලා අස්වෙයි

ලොව ධනවත්ම පුද්ගලයා “ජෙෆ් බෙසොස්” ඇමසන් සමාගමෙන් ඉල්ලා අස්වෙයි

ලොව ධනවත්ම පුද්ගලයින් අතරට පෙරමුණේ සිටින ජෙෆ් බෙසොස් ඇමසන් සමාගමෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු ඇමසන් සමාගම ස්ථාපනය කරන ලද්දේ මීට හරියටම වසර 27කට පෙරදී ය.

ඇමසන් සමාගමේ වටිනාකම මේ වනවිට ඩොලර් ට්‍රිලියන 1.8ක් ලෙස සැලකේ.

බෙසොස් නව කළමණාකරණ ක්‍රමවේද පිළිබඳව විශ්වාසය තැබුවෙකි.

ඔහු සෑමවිටම කුඩා පිරිසක් රැස්වී කරුණු ගැන අදහස් හුවමාරු කරගැනීමට එකඟ විය.

ඔහු පැවසුවේ එක් රැස්වීමකට සහභාගී වන පිරිසට පීසා දෙකක් ප්‍රමාණවත් විය යුතු බවය.

කාර්ය මණ්ඩල රැස්වීම්වලදී සමහර පුද්ගලයින් ඉස්මතුවීම වැලැක්වීමට ජෙෆ් බෙසොස් සමහර අවස්ථාවලදී සෑම පුද්ගලයා වෙතම ගොස් අදහස් හුවමාරුකර ගනී.