ආසාධිතයන් අඩුවීම නිසා මෙල්බර්න් – සිඩ්නි නගර දෙකටම ඉදිරි දිනවලදී සුභ ආරංචියක් අහන්න ලැබෙන හැඩ

අඛණ්ඩව 06 වන දිනයටත් ඊයේ දිනයේදීත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

ඒ අනුව බොහෝ දුරට මෙම සතිය අවසානයේදී දැනට පවතින Lockdown සීමා තවදුරටත් ලිහිල් කෙරෙනු ඇති බවට වාර්තා පළවෙයි.

දැනට ප්‍රාන්තයේ සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 25 කි.

මේ අතර ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 18 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 16 දෙනෙකු පෙර ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව තහවුරු වී ඇත.

ආසාධිතයන් වාර්තාවීම අඩුවෙමින් පවතින බැවින් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක Lockdown තත්වය ලිහිල් කිරීම සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව අගමැතිනී Gladys Berejiklian පවසයි.

මේ අතර Lockdown තත්වය පැවතියදීත් සාදයක් පැවැත්වූ සිඩ්නි නුවර Meriton Suites (Waterloo) හෝටලයට සම්බන්ධ කොවිඩ් පොකුර 12 දක්වා ඉහළ ගොස් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »