Day: June 17, 2021

කොවිඩ් ආරම්භයත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අඩුවෙයි – ගෘහස්ථ හිංසන ඉහළට

2020 අප්‍රේල් සිට 2021 මාර්තු දක්වා එනම් කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ අපරාධ සහ දඩ සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය අද සංඛ්‍යාලේඛණ තොරතුරු හෙළි කලේය. මෙම කාල සීමාව තුළ : අපරාධමය චෝදනා වැරදි 532,271 ක් වාර්තා වී ඇත. එය පසුගිය වසර හා සැසඳීමේදී 9,867 ක පහළයාමකි. සෞඛ්‍ය නීති කඩ කිරීම් ගැන දඩ නිකුත් කිරීම් 37,939 ක් මෙම කාලසීමාවේදී සිදුකර ඇත. මුලු වැරදි ගණන පසුගිය වසර හා සැසඳීමේදී 47,806 කින් එනම් සියයට 8.8 කින්

Read More »

Crown Casino සිනමා ශාලාවක්ද කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් Crown Casino විනෝදාත්මක මධ්‍යස්ථානයේ සිනමා ශාලාවක්ද කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ. Southbank apartment complex හි සිට හඳුනාගත් කොවිඩ් ආසාධිතයෙකු එම ස්ථානයට ගොස් ඇතැයි මේ වනවිට හෙළිවී ඇත. ඒ අනුව Crown Village Cinemas හි  Cinema 7 ස්ථානයේ පසුගිය 12 වනදා රාත්‍රී 07.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලයේ සිටි සෑම අයෙකුටම වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී හුදකලා වන ලෙසටයි දන්වා ඇත්තේ. මීට අමතරව The foyer, snack bar area, The Gradi restaurant at Crown, public

Read More »

මින් ඉදිරියට 60 ට අඩු අයට ඔස්ටේ්‍රලියාවේදී ඇස්ට්‍රාසෙනෙකා නෑ

ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත හැකි වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහල දමා තිබේ. මේ අනුව වයස අවුරුදු 60 ට වැඩි අයට පමණක් එම එන්නත මින් ඉදිරියට ලබාදෙන ලෙසයි එන්නත්කරණය සඳහා වන ඔස්ටේ්‍රලියා තාක්ෂණ උපදේශක කමිටුව නිර්දේශ කර ඇත්තේ. එක් එක් ප්‍රාන්ත රජයන් විසින් මීට අදාළ ඉදිරි තීරණ ගත යුතු වනවා. මේ දක්වා වයස අවුරුදු 50 ට වැඩි අයට පවා ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාදුන් අතර රුධිර කැටි ගැසීම් අවධානම හමුවේ එම වයස තවදුරටත් ඉහළ දමා තිබෙනවා.

Read More »
covid

සිඩ්නි කොවිඩ් පොකුර 03 දක්වා ඉහළට / ආසාධිත රියදුරුට වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි

සිඩ්නි නගරයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ හමුවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 03 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් සියලු දෙනා එකම පොකුරකට සම්බන්ධ අය බවට විශ්වාස කෙරෙන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය. මින් පළමුවෙන් හඳුනාගත්, ගුවන් යානා කාර්ය මණ්ඩල ප්‍රවාහන රියදුරුට වැළඳී ඇත්තේ ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා හඳුනාගෙන නොමැති ඩෙල්ටා ප්‍රභේදයයි. එය අමෙරිකාවෙන් පළමු වරට හඳුනාගත් ප්‍රභේදයකි. 03 වන ආසාධිතයා ලෙස අද හඳුනාගෙන ඇත්තේ සිඩ්නි ආසාධිත රියදුරා ගමන් කල ස්ථාන අතරින් එකක් වන සිඩ්නි හි

Read More »

ගතවූ පැය 24 දී වික්ටෝරියාවෙන් කිසිදු ආසාධිතයෙකු නෑ / සිඩ්නි යළිත් Lockdown කෙරෙන ළකුණු

ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැති බව ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. හෝටල් නිරෝධායනයෙන් පමණක් එක් ආසාධිතයෙකු හමුවී තිබේ. ඊයේ දිනය තුළදී කොවිඩ් පරීක්ෂණ 25,635 ක් සිදුකර ඇත. https://twitter.com/VicGovDH/status/1405296034952122369?s=20 වික්ටෝරියා හි සංචරණ සීමා රැසක් අද මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කිරිමටද නියමිතයි. කෙසේවෙතත් සිඩ්නි නගරයෙන් නැවත වරක් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවධානමක් උද්ගතව තිබේ. මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු සමාජ සම්ප්‍රේෂණ ලෙස හඳුනාගෙන ඇත. නැවත වරක් Lockdown සීමා පණවන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රාන්ත

Read More »