ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැති බව ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
හෝටල් නිරෝධායනයෙන් පමණක් එක් ආසාධිතයෙකු හමුවී තිබේ.
ඊයේ දිනය තුළදී කොවිඩ් පරීක්ෂණ 25,635 ක් සිදුකර ඇත.
https://twitter.com/VicGovDH/status/1405296034952122369?s=20
වික්ටෝරියා හි සංචරණ සීමා රැසක් අද මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කිරිමටද නියමිතයි.
කෙසේවෙතත් සිඩ්නි නගරයෙන් නැවත වරක් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවධානමක් උද්ගතව තිබේ.
මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු සමාජ සම්ප්‍රේෂණ ලෙස හඳුනාගෙන ඇත.
නැවත වරක් Lockdown සීමා පණවන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් අද ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.