සිඩ්නි කොවිඩ් පොකුර 03 දක්වා ඉහළට / ආසාධිත රියදුරුට වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි කොවිඩ් පොකුර 03 දක්වා ඉහළට / ආසාධිත රියදුරුට වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි

සිඩ්නි කොවිඩ් පොකුර 03 දක්වා ඉහළට / ආසාධිත රියදුරුට වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි

සිඩ්නි නගරයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ හමුවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 03 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් සියලු දෙනා එකම පොකුරකට සම්බන්ධ අය බවට විශ්වාස කෙරෙන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

මින් පළමුවෙන් හඳුනාගත්, ගුවන් යානා කාර්ය මණ්ඩල ප්‍රවාහන රියදුරුට වැළඳී ඇත්තේ ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා හඳුනාගෙන නොමැති ඩෙල්ටා ප්‍රභේදයයි.

එය අමෙරිකාවෙන් පළමු වරට හඳුනාගත් ප්‍රභේදයකි.

03 වන ආසාධිතයා ලෙස අද හඳුනාගෙන ඇත්තේ සිඩ්නි ආසාධිත රියදුරා ගමන් කල ස්ථාන අතරින් එකක් වන සිඩ්නි හි Vaucluse, Belle Café වෙත ගොස් තිබූ 70 හැවිරිදි කාන්තාවකි.

අද දිනයේදී වඩාත් අවධානයෙන් සිටින ලෙස ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවු සවුත් වේල්ස් ජනතාවට දන්වා සිටිනවා.

මේ අතර Lockdown තත්වයක් පැණවීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවද අගමැතිනිය වැඩිදුරටත් කියාසිටියා.