
ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත හැකි වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහල දමා තිබේ.
මේ අනුව වයස අවුරුදු 60 ට වැඩි අයට පමණක් එම එන්නත මින් ඉදිරියට ලබාදෙන ලෙසයි එන්නත්කරණය සඳහා වන ඔස්ටේ්‍රලියා තාක්ෂණ උපදේශක කමිටුව නිර්දේශ කර ඇත්තේ.
එක් එක් ප්‍රාන්ත රජයන් විසින් මීට අදාළ ඉදිරි තීරණ ගත යුතු වනවා.

මේ දක්වා වයස අවුරුදු 50 ට වැඩි අයට පවා ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාදුන් අතර රුධිර කැටි ගැසීම් අවධානම හමුවේ එම වයස තවදුරටත් ඉහළ දමා තිබෙනවා.