Day: June 17, 2021

බ්ලූ ප්ලැනට් ත්‍යාගය ශ්‍රී ලාංකිකයෙක් ට

වර්ෂ 2021 “බ්ලූ ප්ලැනට් ත්‍යාගය” සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ තෝරාගෙන තිබේ. “පාරිසරික නොබෙල් ත්‍යාගයකට” සමාන යැයි සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන “බ්ලූ ප්ලැනට් සම්මානයට” ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වන අතර බ්ලූ ප්ලැනට් ත්‍යාගය මේ වසරේ දී පිරිනැමෙනුයේ 30 වන වරටය. තීරක මණ්ඩලය විසින් 2021 වර්ෂය සඳහා සම්මානලාභීන් දෙදෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ මහාචාර්ය මොහාන් මුනසිංහ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය වී. රාමනාදන් යන මහතුන්ය.

Read More »
covid

සිඩ්නි ආශ්‍රිතව නැවත වරක් කොවිඩ් පොකුරක් බිහිවීමේ අවධානමක්

සිඩ්නි නගරය ආශ්‍රිතව නැවත වරක් කොවිඩ් පොකුරක් බිහිවීමේ අවධානමක් නිර්මාණය වී තිබේ. ඊයේ දහවල් 60 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගත් අතර ඊයේ රාත්‍රිය වනවිට ඔහුගේ නිවසේ සිටි තවත් අයෙකුටද වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී ඇත. පළමුවෙන් හඳුනාගත් පුද්ගලයා ජාත්‍යන්තර ගුවන් සේවාවල කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීමේ රියදුරෙකු වශයෙන් සේවය කරන්නෙකු ලෙසද හඳුනාගෙන තිබේ. මේ වනවිට NSW සෞඛ්‍ය අංශ විසින් ස්ථාන ගණනාවක් අවධානම් ස්ථාන ලෙස නම් කර ඇති අතර වෙළඳ සංකීර්ණ ඇතුලු ජනාකීර්ණ ස්ථාන රැසක්ද ඒ

Read More »